තව දවස් 50 යි තියෙන්නෙ විභාගයට... 2025 A/L ලියන මේ වෙනකන් F/S මට්ටමේ ඉන්න අය B/C මට්ටමට එන්න වැඩ කරන්න ඕන කොහොමද ?
මේ post එක ඕනම stream එකක කෙනෙක්ට අදාළයි... මෙහෙමයි... හුරතල් වෙවී, පැය 10ක් විතර නිදාගෙන කාලෙ කකා අර වගේ result එකක් වෙනුවෙන් වැඩ කරන්න බෑ... ඒ විදිහටම ඉන්නවා නම් ඉතින් F/S එකකට වඩා බලාපොරොත්තු වෙන්න බෑ හොදේ... හරියට වැඩ ටික කරනවා නම් නිදාගන්න, කන්න වත් වෙලාවක් නැති වෙනවා... වෙව්ච දේවල් ගැන පසුතැවිලා වැඩක් නෑ... තියන කාලෙන් ප්‍රයෝජනයක් ගන්නයි ඕනා...
දැන් ගොඩක් අය ඉස්කෝල යන්නෙ නැති නිසා වැඩිය cls වලට ඇරෙන්න ඉතුරු වෙලාව වැඩ කරන්න යොදවන්න පුලුවන් කියලා හිතනවා...
ඔයාගේ B/C මට්ටමක එක subject එකක් හරි තියනවා නම් ඒක ඒ විදිහටම හරි ඊට උඩ result එකකට හරි ගෙනියන්න plan එකක් හදාගෙන වැඩ කරන්න... මන් මෙතැනදී කතා කරන්නේ F/S මට්ටමේ තියන subjects ගැන...
ඉස්සල්ලා ඒ යට මට්ටමේ තියන විෂයන් වල ඔයාට පුලුවන් පාඩම් සහ බැරි පාඩම් හොයාගන්න... එතකොට ඔයා වැඩ කරද්දි දෙන වෙලාවෙන් 1 : 2 පුලුවන් පාඩම් වලට හා බැරි පාඩම් වලට දෙන්න... ඒ කියන්නේ පැයක් පුලුවන් පාඩමක වැඩක් කරොත් පැය 2ක් බැරි පාඩම් වෙනුවෙන් වැඩ කරන්න (මන් මෙහෙම කියන්නෙ ඔයා අලුත්ම පාඩම් කරන්න ගියොත් පුලුවන් ඒවත් පස්සෙ බැරි වෙන්න තියන අවදානම මග හරවා ගන්න)
⭕️ ඔයාට බැරි, අමාරු පාඩම් වලට මොකද කරන්න ඕන ?
හිතන්න ඔයා මේ පාඩමේ theory මුකුත් දන්නේ නෑ කියලා... ඒවා cover කරගන්න පුලුවන්... videos ඕන තරම් තියනවා... හැබැයි recording 20 වඩා තියන ලොකු පාඩම් වලට මේ ක්‍රමේ හරියන්නේ නෑ... ඉක්මනින් කරගන්න පුලුවන් පාඩම් වලට හරියනවා... උදාහරණයකට ගමු combined maths වල න්‍යාස ගාණ... මේක පොඩි පාඩමක්... theory videos ටික හොයාගෙන හරි, note එකක් කියවලා හරි theory ටික cover කරගන්න පුලුවන්... ඊට පස්සේ 2011 - 2024 වගේ වෙනකන් past papers ඔක්කොම අරන් කරන්න... තව ඕන නම් වාර විභාග ප්‍රශ්නත් කරන්න අරන්... ඒ විදිහට පාඩම ගොඩ දාගන්න...
පාඩම් කරන subject එකක් නම් තියෙන්නේ notes ටික හරියට හොයන් වෙලාව අරන් පාඩම් කරගන්න... හැමදේම තීරණය වෙන්නේ ඔයා ඒ පාඩමට දෙන කාලය මත... video එකක් බලලා විෂය කරුණු ටික revise කරගන්න...
⭕️ පුලුවන් පාඩම් වලට මොකද කරන්න ඕන ?
ඔයා මේ පාඩම් වල theory බලාගෙන past papers ත් කරලා නම් තියෙන්නේ, ඒ හැම පාඩමකටම වෙලාව වෙන් කරන් ඒවයෙ ප්‍රශ්න හොය හොය උත්තර ලියන්න... ඒව අමතක වෙන්න දෙන්නෙපා...
ඉස්සල්ලා හොද plan එකක් හදාගන්න ඔයා මොන පාඩම් ද කරන්නේ මොනාද නොකරන්නෙ කියලා... ඔයාලට තියන වෙලාව සීමිත නිසා සමහර පාඩම් අතාරින්න වෙයි...ඒකට කමක් නෑ.. පුලුවන් හැම පාඩමක්ම උපරිම ගොඩ දාගන්න...ඒකෙදී ඔයාට විභාගේ ලකුණු තියන C/B එකකට යන්න පුලුවන් පාඩම් තෝරගන්න...
මොනවා කරත් මේ වැඩේට විතරක් අවධානය දෙන්න... ෆෝන් එක පැත්තකට දාන්න මේ ටික කාලෙකට... ඔයා මේ දවස් ටික මේකට හරියට focus කරලා වැඩ කරොත් ඔයාට ඔයා දැන් ඉන්න තැනට වඩා හොද result එකක් දාගන්න පුලුවන්... මහන්සි වෙලා වැඩ කරන්න...
Good luck හැමෝටම 😊❤
The STudenT ™ 👿🍃