🔴2025 A/L maths , bio කරන සෙට් එක,
✳️ තාම exam එකෙන් 1/3 ක් විතරයි ඉවර.තව 2/3 ක්ම තියනවා.ගේම මැදදි අතාරින්න නම් එපා 🔥
✳️ ඊලගට තියෙන්නේ physics mcq එක.පේපර් එක අමාරු උනොත් අමාරු වෙන්නෙ සමස්තයටම .ලේසි උනොත් ලේසි වෙන්නෙත් සමස්තයටම.පේපර් එක අමාරුයි ද ලේසිද කියන එකට වඩා වැදගත් වෙන්නෙ මොන පේපර් එක ආවත් කලබල වෙන් නැතුව ඔයාට පුළුවන් උපරිම ගාන score කරන එක.
✳️ physics mcq එක කරනකොට පුළුවන් පුළුවන් ප්‍රශ්න කරගෙන කරගෙන යන්න.බැරි ඒවා ඉතුරු කරන්න.ඒවා පුළුවන් ටික කරලා ඉවර වෙලා කරන්න.මුල් පැය ඇතුලත ප්‍රශ්න 50 ම යාන්තම් හරි කියවිලා තියනවා එතකොට .
✳️ එක ප්‍රශ්නෙක වැඩි වෙලා එල්ලිලා ඉන්න එපා.සාමන්‍යයෙන් 10- 20 අතර එක ප්‍රශ්නයක් දෙකක් දානවා හිර වෙන්න.ඒවට එල්ලිලා හිටියොත් 35න් වගේ එහාට කියවන්න වෙන්නෙවත් නෑ.20- 30 අතරෙත් ඒවගේ හිරවෙන ප්‍රශ්න දෙක තුනක් තියනවා සාමාන්‍යයෙන් ඒවා අත ඇරලා පුළුවන් පුළුවන් ප්‍රශ්න ඉස්සෙල්ලා කරන්න.බැරි උන ප්‍රශ්න ටික අන්තිමට කරන්න.💫
✳️පේපර් එක ලේසි පේපර් එකක් උනොත් කලබල වෙලා.දන්න ඒවත් වරද්දන්න එපා.ගොඩක් අයට ඒ දේ උනා 2021 දි.ඒක නිසා හොදට ප්‍රශ්නෙ කියවන්න.කටු කොලේ ගනන් හදනකොට ටිකක් පිලිවෙලට හදන්න.ගාන මැදදි නවත්තලා වෙන ගානකට යන්න උනොත් ඊලගට ආයෙත් ඒ ගාන මුල් ඉදන් හදනවට වඩා ලේසීනේ කලින් තැන ඉදන් හදාගෙන යන එක.ඒක නිසා කටු කොලේ ටිකක් පැහැදිලිව කටු වැඩ කරන්න.💯
✳️ logic gates ,අංශු භෞතික විද්‍යාව ,භූ කම්පන තරංග ,ප්‍රකාශ උපකරණ අනිවාර්යයෙන් ම වගේ එන නිසා ඒවගෙ අහන්න පුළුවන් තැන් ටික බලාගන්න.
❌❌ mcq එක ඉවර වෙලා answers බලන්න එපා.පේපර් එක ඉවර උන ගමන් share වෙන answers ගොඩක් ඒවා වැරදි.❌❌
✳️mcq 50 ම කරන්න පුළුවන් උනොත් හොදයි. mcq ඔක්කොම කරන්න බැරි උනා කියලා අව්ල් යන්නත් එපා.මට A/L පේපර් එකේ පැය 2 ට කරගන්න පුළුවන් උනේ mcq 47 යි .3 ක් guess කරලා ගැහුවේ.ඒ ගහපු 3න් එකක්වත් හරි නෑ. Exam එක ඉවර වෙලා answers බලද්දි 43 ක් හරි. Mcq 50 ම කරන්න නෙවෙයි ඕනි. පුළුවන් ටික වරද්දා ගන් නැතුව උපරිම score කරන්න
✅✅ මොන වගේ පේපර් එකක් ආවත් කලබල වෙන් නැතුව පුළුවන් උපරිම score කරන්න බලන්න.✅✅
💯🔥හැමෝටම ජය🔥💯
A.T. හේෂාන් දිල්හාර
( BSC .Engineering(UG) -university of moratuwa ,Diploma in Human resource management ,Diploma in criminology ,human rights and civil law,Diploma in Business management ,Diploma in japanese language ,Diploma in law ,Diploma in Psychology and Counseling )
( උපුටා ගැනීමේදී කර්තෘ අයිතිය සුරකින්න )