අනාගතය කියන SIMPSONS
💛💙
1989 වසරේ longest running animated series එකක් විදිහට මැට් ග්රොනිංගේ නිර්මාණයක් යටතේ තවමත් ප්‍රදර්ශනය වෙන සිම්ප්සන් කාටූන් එක ගැන හැමෝම අහලා ඇති. කොටින්ම කීවෝත් ඇමරිකාවේ modern cultural myth එකේ උඩින්ම තියෙන්නේ සිම්ප්සන් කාටූන් එක.
🤔ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමා කොහොමද simpsons cartoon එක අනාගතය වෙන දේවල් predict කරන්නේ කියලා?
දැනට season 37 ක් ඇවිත් තියෙනවා.මේ season 37 ඇතුළේ අඩුම predict කිරීම් 700 කටත් වැඩිය තියෙනවා කියලා තමා කියන්නේ. ඒ 700 ඇතුළේ ගණන් කරලා බැලුවම 30ක් වගේ තමා major hits විදිහට ආවේ. ඔය major hits ගැන දැන් කතා කරමුකෝ.
1⃣ පලවෙනි එක තමා Bart to the Future episode එකේ ලීසා සිම්ප්සන් ඇමරිකාවේ ජනාධිපතිනිය බවට පත් වුණා. ඒකේ දී ලීසා කියනවා මගේ පූර්වප්‍රාප්තික ජනාධිපති වුණු ට්‍රම්ප් විසින් ඇමරිකාව දැඩි මූල්‍ය අර්බුදයකට ගෙනි ගියා කියලා. ඒ එපියෙම තියෙනවා ට්‍රම්ප්ගේ නම සහිත කැසිනෝ හෝටලයක්. ඔන්න ඕක තමා ලොකුම predict එක උනේ. ඒත් මන් ගොඩක් you tube channel වලින් දැක්ක ට්‍රම්ප්ගේ සීන් ටික යන්නේ ට්‍රම්ප් ජනාධිපති උනාට පස්සේ යන එපිසෝඩ් වල. ඒක මේකට අදාළ නැහැ. කොහොම හරි ඔය එපිය ගහන්න කලින් ට්‍රම්ප් කියන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්, රියැලිටි ටීවී වැඩසටහන්වල තරග වැඩසටහන්වල සත්කාරකත්වය සහ මාධ්‍ය අවධානය සඳහා දේශපාලනික වශයෙන් විහිලු සපයන පොරක්. ඉතින් 2000 දී ට්‍රම්ප් ජනාධිපති අපේක්ෂකයෙක් විදිහටත් හිටියා. ඉතින් මේ වගේ පොරක් ජනාධිපති උනොත් රටම අර්බුධයට පත් වෙන සිද්ධිය හාස්‍යයෙන් ලියන්න writers ලට හිතුණා. අන්තිමේදී පොර ජනාධිපති උනා.
2⃣ දෙවෙනි එක තමා god particle එක. Quantum physics වල වැදගත්ම සොයාගැනීම තමා god particle එක.මේක ගැන සරලව කීවොත් පදාර්ථයට ස්කන්ධය ලබා දීමේ ක්‍රියාවලියට තමා god particle නැත්තම් හිග්ස් බෝසෝන් කියන්නේ. හිතන්න ඔයා යම් කවයක ඉන්නවා. ඒ කවය ඇතුළේ ඔයා වගේම තව අය නිදහසේ සැරිසරනවා. ඔන්න එතැනට ගුජුම්පියෝ වගේ ප්‍රසිද්ධ පොරක් ඇවිල්ලා අනිත් එයුන් වට කරගෙන හිටියම එයාට දැන් හෙල්ලෙන්නෙවත් බෑ. අන්න ඒ වගේ ස්කන්ධය ක්ෂණිකව ලබා ගැනීමේ ක්‍රියාවලියට තමා හිග්ස් බෝසොන් ක්‍රියාවලිය කියන්නේ. ගුජුම්පියෝ තමා හිග්ස් බෝසෝන් එක.
හරි දැන් සිම්ප්සන් පැත්තට යමුකෝ. "The Wizard of Evergreen Terrace" එපියේ හෝමර් සිම්ප්සන් විද්‍යාඥයෙක් විදිහට ඉන්න වෙලාවෙදී පොර electro superiority ගැන අධ්‍යන කරනවා.ඒකේ දී හෝමර් කළු පුවරුවේ හිග්ස් බෝසොන්ගේ ස්කන්ධය සම්බන්ධ ගණිතමය සමීකරණය ලියනවා. ඉතින් real time එකේ දී 2012 දී LHC එකෙන් හොයාගන්න හිග්ස් බෝසෝන් ස්කන්ධය 1998 දී සිම්ප්සන් කාටූන් එකෙන් පෙන්නුව ස්කන්ධයට ආසන්නව ගොඩක් සමානයි. මේ වගේ දෙයක් predict කළේ කොහොමද❓මේ එපිය ලියද්දි විද්‍යාත්මක උපදේශනවලට හාවඩ් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාඥයින් වෙන ඩේවිඩ් ස්කොයින් සහ ඇලන් සොකල් වගේ අය උදව් කරලා තියෙනවා. ඒ වගේ සුපිරි බුලට් දෙකක් මේ වගේ එපියක් ලියද්දී මේ වගේ ආසන්නයෙන් යන එකත් ආයේ අමුතුවෙන් අහන්න දෙයක් නෙවේ.
3⃣ තව lisa ගේ වෙඩිමේ පෙන්වන අතේ බඳින smart watch එක , episodes ගොඩක video call ගන්න එක, පයිප්ප මගින් එක් මැදිරියකින් තවත් මැදිරියකට චිත්‍රපටි ගෙනියන එකෙන් streaming platforms ගැන දුන්නු ඉඟිත් මේ අතරින් ප්‍රධානයි. මේ හැම එකක්ම තාක්ෂණික පරිණාමයේ ශීඝ්‍රයෙන් වෙනස් වීමත් එක්ක අහඹු විදිහට guess කරන සිද්ධීන්. මොකද මේ simpson cartoon එක ලියන writers ලා බහුතරයා එක එක ක්ෂේත්රවලට ප්‍රවීණ වුණු අය.ඒ අයට මේ වගේ දේවල් guess කරන එක අමාරු දෙයක් නෙවේ.
4⃣ ක්‍රීඩා ක්ෂේත්රයේ දී ගත්තොත් විශේෂම සිද්ධිය උනේ ලීසා විසින් අවුරුදු කිහිපයකම super bowl champion තක්කෙටම කියපු එක. ඒ කියන්නේ හැම අවුරුද්දකම super bowl තරගාවලියට කලින් එකම එපිය විතරක් ලීසා දිනන කණ්ඩායමේ නම කියන එක වෙනස් කරලා විකාශනය උනා.92,93 98 ,99 සහ 2000 වසරවලදී එහෙම නිශ්චිතවම කීවා.
මෙහෙමනේ ඉතින්,, ඒ කාලේ හැටියට trend analysis කරලා ඒ කාලේ ප්‍රබලම කණ්ඩායම දිනනවා කියන එක විශ්මයජනක දෙයක් නෙවේ. මම කලින් කියලා තියෙනවා නේ confirmation bias ගැන. ඉතින් අපි සිම්ප්සන් කාටූන් එකේ නිවැරදි අනුමාන විතරක් අල්ලන් කතා කරලා වැඩක් නෑ. ඒකට හොඳම උදාහරණෙ ඒ වෙලාවේ දී ලීසා ප්‍රතිවාදී කණ්ඩායම් ගැනත් සඳහන් කළා. ඉතින් ඒකියපු කණ්ඩායම් ගොඩක් final ආපු නැති නිසා මේව අනාවැකි කියන්න බෑ. ඊටත් වඩා ලොකුම දේ තමා 2010 FIFA ලෝක කුසලානය ඇමරිකාව දිනනවා කියලා "The Cartridge Family" කියන එපියේ සඳහන් වෙනවා. ඒත් champion වුණේ Spain. අන්න ඒ වගේ වැරදුණු පුරෝකථන එමටයි.😅
🔢 තව 9/11 attack එක, ලේඩි ගගාගේ ප්‍රසංගය, අශ්ව මස් අර්බුධය, ලෙමන් ගස් හොරකම, ආහාර මුද්‍රණ යන්ත්‍ර captcha codes වගේ හැම අනාවැකියක්ම ඕවගෙ අහම්බයෙන් උනු දේවල් විතරයි.
ඔය social media වල පෙන්වන අනිත් ඒවා නම් fake. උදාහරණෙට එලිසබෙත් ගේ අවමංගල්‍යය උත්සවය වගේ ඒවා.😂